ක්ලෝරොෆයිටා ගැන
- කොළ පැහැතිය. එම නිසා හරිත ඇල්ගි ලෙස හැදින්වේ.
- කරදිය,මිරිදිය පරිසරවල මෙන්ම භෞමික තෙත පසේ ජිවත් වේ
- ඒක සෛලික මෙන්ම බහු සෛලික වන අතර බහු සෛලිකයන් සුත්රිකකර හෝ තලසාකාර වේ.
- අන්වීක්ෂීය සාමාජිකයන් මෙන්ම පියෙවි ඇසින් නිරීක්ෂණය කළ හැකි සාමාජිකයන්ද සිටි.
- ප්‍රභාස්වයංපෝෂී වේ. ප්‍රභාසංස්ලේෂක වර්ණක ලෙස ක්ලෝරෆිල් a, b කැරොටින් සහ සැන්තොෆිල් දරයි.
- සෙලියුලෝස් වලින් සැදුනු සෛල බිත්ති දරයි.
- සංචිත ආහාර පිෂ්ටය වේ.
- වර්ධක සෛල සහ ප්‍රජනක සෛල වල කෂිකා ඇත.
- ලිංගික සහ අලිංගික ප්‍රජනනය දරයි.
- පරම්පර ප්‍රත්‍යාවර්තනය දරයි.
- ඇතැම් සාමාජිකයන් ප්ලවාංග වේ.( ප්ලවාංග යනු ජලයේ පාවෙමින් පවතින අන්වීක්ෂිය ජිවි ආකාර වේ.)

Comments
Post a Comment